ආණ්ඩුවේ ප්‍රබලයන් රැසකගේ හඩ පට රන්ජන්ගේ නිවස තුළ ඇති බව හෙළි දරව් වෙයි

January 8, 2020

රන්ජන් රාමනායක හා ආණ්ඩුවේ ප්‍රබලයන් පැවැත්වූ සාකච්ඡා ඇතුළත් හඩ පට හැකිනම් ප්‍රසිද්ධ කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට අභියෝග කරයි.

ආණ්ඩුවේ ප්‍රබලයන් රැසකගේ හඩ පට රන්ජන්ගේ නිවසේ තිබි සොයාගත් සිඩි වල තිබෙන බව මේ වන විට හෙළි දරව් වී ඇත.

එම හඩපට සියල්ල ආරක්ෂක ලේකම්වරයා වෙත යවා ඇති අතර ඔහු විසින් එම හඩ පට ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා වෙත හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවා ඇති බව වාර්තාවේ.

ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරු, පොලිසිය හා විනිසුරුවරියක් සමග පැවැත්වූ සාකච්ඡා පමණක් හෙළි කර අනෙක් හඩ පට සගවන්නේ දේශපාලන අරමුණකින් බව විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරයි.

දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම වෙනුවෙන් කරන හඩපටවලට අමතරව අනෙක් හඩපට ද එළි දක්වන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු සදහන් කරයි

t

o

p