රංජන්ගේ දුරකථන සංවාද ගැන විමර්ශන ඇරඹේ

January 8, 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ.

හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ගේ දුරකථන සංවාද වලට අදාළ හඬ පට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද කරුණු වාර්තා කිරීමෙන් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයින් සමඟ පැවැත්වූ දුරකතන සංවාද ඇතුළත් මතභේදාත්මක හඩපට රැසක් මාධ්‍ය වෙත නිකුත් වු අතර ඊට අදාලව පොලිසිය, අධිකරණ සේවා කොමිශන් සභාව මෙන්ම ජාතික පොලිස් කොමිසම වෙත ද පැමිණිලි ඉදිරිපත් වුණි.

t

o

p