පස්සර බස් අනතුරින් 8 දෙනෙකු මරුට : 40කට තුවාල

January 7, 2020

බදුල්ල, පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේ ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මේ වන විට 8 දෙනෙකු මරුමුවට පත්ව 40ක් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

බදුල්ල පස්සර හයේ කණුව ප්‍රදේශයේදී ඊයේ පස්වරු 4.30 ට පමණ ඇකිරිය බලා ධාවනය ආරම්භ කර ඇති මෙම බස් රථය අඩි 100 ත් 150 ත් අතර ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට ලක්ව තිබුණේ පස්වරු 5.20 ට පමණයි.

මේ අතර බස්රථ අනතුරින් මිය ගිය පුද්ගයින්ට රුපියල් පනස් දහස බැගින් වන්දි ලබා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

t

o

p