දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ 18 ගුණ සැමරුම ජනවාරි 01

December 27, 2019

එක්සත් ජාතික පක්‍ෂයේ උප නායකවරයෙකු, පක්‍ෂයේ මහ ලේකම්වරයෙකු, හිටපු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ 18 ගුණ සැමරුම 2020 ජනවාරි මස 01ට යෙදී තිබේ.

එතුමාට පිං අනුමෝදන් කිරීම සදහා පවත්වනු ලබන විශේෂ ධර්මානුශාසනාව කහවත්ත පනාවැන්න එතුමාගේ නිවසේදී කෝට්ටේ පාර්ශ්වයේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක අමුතාගොඩ ඉන්දරතන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අතර පසු දින මහා සංඝරත්නය උදෙසා පිරිනමනු ලබන දානමය පිංකමක් එතුමාගේ නිවසේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

  1. 01 වැනි දින සවස රත්නපුර නිවිතිගල ආසනයේ, කිරිබත්ගල ශෛල දර්ශනාරාම විහාරස්ථානයේ දහම් පාසල් දරුවන්ට හා කිරිබත්ගල විද්‍යාලයේ දරු දරියන්ට පාසල් පොත් සහ උපකරණ පරිත්‍යාග කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබේ.

t

o

p