ලංකාවේ නිෂ්පාදිත නියමු යාත්‍රා 2 ක් කොළඹ වරායට

December 26, 2019

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව නියමු යාත්‍රා 2ක් කොළඹ වරායට එක් කිරීම නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරුණි.

දිගින් මීටර් 12ක් සහ පළලින් මීටර් 5.5ක් වන මෙම යාත්‍රාවලට නාවික සැතපුම් 22ක වේගයෙන් ගමන් කළ හැකි බව අමාත්‍යාංශය කියයි.

කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම මෙම අධිවේගී නවීන යාත්‍රා 2 නිෂ්පාදනය කර ඇති අතර ‘පයිලට් 16’ සහ ‘පයිලට් 17’ යනුවෙන් නම් කර තිබේ. මෙම යාත්‍රා දෙකේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.12කි.

මෙම යාත්‍රා දෙකත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නාවුක සේවා සඳහා යොදවන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සමස්ත නියමු යාත්‍රා සංඛ්‍යාව 8ක් බවට පත්වේ.

මෙයත් සමඟ කොළඹ වරායට පැමිණෙන නෞකා සඳහා විශ්වාසනීය, කාර්යක්ෂම හා කඩිනම් නාවික සේවා සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු හැකියාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

t

o

p