කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන

December 25, 2019

මධ්‍යම කොලොම්බියාවේ බොගෝටා අගනගරය ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ ඒකක හයක් සහ පහයි දශම අටක්වූ භූකම්පන දෙකක් හටගෙන තිබුණි.

භූකම්පන දෙකේම අපිකේන්ද්‍රය එකිනෙකට සමීපයේ පිහිටා තිබූ බවයි එරට වාර්තා සඳහන් කළේ.

නත්තල් උදාවට මොහොතකට පෙර හටගත් භූකම්පන හටගැනීමත් සමග භීතියට පත්වූ ජනතාව නිවෙස් වලින් ඉවතට දිවගොස් තිබුණි.

භූකම්පන දෙකෙන්ම කිසිදු පුද්ගල හානියක් හෝ විශාල දේපළ හානියක් සිදුව තිබුණේ නැත.

t

o

p