පුළුල් සන්ධානයකින් එජාපය මහ ඡන්දෙට

December 25, 2019

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ජනවාරි මස මුල් සතිය වනවිට සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සිදුකිරීමට එක්සක් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

එක්සත් ජාතික පෙරමුණෙන් බිහිවන පුළුල් පෙරමුණට සම්බන්ධ වන දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘත්තීයවේදීන්ගේ සංගම් ඇතුළු පාර්ශ්ව රැසක් සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමට එම සන්ධානය වටා එක්විය හැකි බවද පක්ෂ නායකයන් වැඩිදුරටත් සඳහන් කළා.

t

o

p