ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක මගීන් 54ක් මුදාගනියි

December 22, 2019

ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටුවීසිටි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී ජලයෙන් යටවී තිබූ ප්‍රදේශයේදී ගංවතුරට හසුවී ගසා ගෙනගොස් තිබියදී පොලීසිය, යුදහමුදාව, සිවිල්ආරක්‍ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් විසින් බේරගෙන තිබේ.

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ මේ වනවිට ජල මට්ටමඅඩි 06 ක් පමණ දක්වා ඉහළ නැඟ තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10 න් 08ක් අඩිදෙකක් දක්වා අද(22) විවෘත කළ බව වාරිමාර්ග නිලධාරීහු පැවැසූහ.

t

o

p