පාඨලී අධිකරණයට රැගෙන එයි

December 19, 2019

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා  අද (19)   මීට සුළු මොහොතකට පෙර රැගෙන ආවේය.

රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලා යාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසටය විසින් ඊයේ (18) රාත්‍රීයේදී  ඔහුගේ නිවසේදී  කොළඹ  අත්අඩංගුවට ගත් අතර  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.

අද දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

t

o

p