දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක්

December 19, 2019

ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධිය සඳහා සුදුසුකම් ලබන එහෙත් එය නොලබන පවුල් නඟා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අරමුණ වේ.

එවැනි පවුල්වල ශ්‍රම බලකායට දායක විය හැකි පිරිස හඳුනා ගෙන සුදුසු ක්ෂේත්‍රයන්හි පුහුණුව ලබාදී රැකියා අවස්ථා ලබාදීම මෙමඟින් සිදු කෙරේ.

කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ සඳහා තෝරා ගැනේ. සමස්ත දිවයිනම ආවරණයවන පරිදි ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කෙරේ. ඔවුන් මෙහෙයවීමේ හා කළමනාකරණ කාර්යයන් සඳහා ද තවත් රැකියා 30,000ක් පමණ උත්පාදනය වේ. උපාධිධාරින් 10,000 (දස දහසකට) පමණ කළමනාකරණ හා ක්ෂේත්‍ර මට්ටමේ අධීක්ෂණ තනතුරු සඳහා රැකියා අවස්ථා ද මේ යටතේ විවෘත වනු ඇත.

ඔවුන්ට සිය ප්‍රදේශයේම රැකියා අවස්ථාව අනිවාර්යයෙන්ම ලබාදි යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. රුපියල් 3500ක් වැනි සමෘද්ධි ආදායමක් ලැබූ පිරිසට රැපියල් 35,000 දක්වා ආදායමක් ලැබීමට මේ නිසා හැකි වේ. එය රට තුළ ආකල්පමය වෙනසක් සිදු කිරීමට පාදක වනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. මෙය දිළිඳු පවුල් සඳහා පමණක්ම විය යුතුය.

නිවසටම ගොස් සැබෑ තතු විමසා සුදුස්සන් බඳවා ගැනීම කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. බඳවා ගැනීම් වලදී මෙතෙක් වු වැරදි සිදුවීමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

t

o

p