පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය බාර ගන්නේ නෑ

December 18, 2019

පක්ෂ නායකත්වයෙන් බැහැරව තමා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය භාර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ අතර දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බවට ජනතාව විසින් තමාට කියන්නේ නම් ඒ යෝජනාවද, පිළිගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසයි.

තමන් කොන්දේසි වලට යටත්වන පුද්ගලයකු නොවන බැවින් කිසිඳු කොන්දේසියක් මත කටයුතු කිරීමට ඉදිරියේදීත් සූදානම් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

“සජිත් ප්‍රේමදාස මහතා ගමින් ගමට ජනතාව මුණ ගැසීම” ජන රැළි මාලාවේ ජනහමුවකට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

t

o

p