‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය 11 වන වතාවටත් කොමර්ෂල් බැංකුව දිනාගනී

December 13, 2019

ලෝකයේ දීර්ඝතම කාලයක් ප‍්‍රකාශනයට පත් කරන ලද අන්තර්ජාතික බැංකුකරණ සඟරාව වන එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ.

ජාත්‍යන්තර බැංකු ක්ෂේත‍්‍රයේ ‘ඔස්කාර්’ සම්මානය ලෙස සැලකෙන මෙම සම්මානය ලබාදෙන්නේ වර්ධනය සහ කාර්යසාධනය, උපායමාර්ගික වැඩසටහන්, තාක්ෂණ නවෝත්පාදනය, නව සහ වැඩිදියුණු කළ නිෂ්පාදන සහ සේවා, අනිකුත් කැපී පෙනෙන ජයග‍්‍රහණ වාර්තා කරන මූල්‍ය ආයතන වලටයි.

කොමර්ෂල් බැංකුව විසින් මෙම සම්මානය දිනාගත් 11 වන අවස්ථාව මෙය වන අතර ඇමරිකාව පදනම් කරගත් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව මගින්ද කොමර්ෂල් බැංකුව 2019 ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස තෝරා පත්කරගෙන ඇත.

t

o

p