සජිත් සැගවී ඇත්තේ රුපියල් මිලියන 700 ක ණය ගෙවා ගත නොහැකිවයි

December 3, 2019


ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රබලයන්ගෙන් රුපියල් මිලියන 700 ක ණයක් ගෙන ඇති බව වාර්තා වේ.

මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලබා ගත ණය ගෙවන ලෙස ව්‍යාපාරිකයන් ඉල්ලා ඇති අතර එම ණය ගෙවිමට ක්‍රමයක් නැතැයි පැවැසීම නිසා ව්‍යාපාරිකයන් ඊට එරෙහිව නිතිමය පියවර ගන්නා බවට සජිත් ප්‍රේමදාසට දැනුම් දී තිබේ.

මේ නිසා දැඩි කළකිරිමකට පත්ව ඇති ඔහු දේශපාලනයෙන් සමුගැනීමට පවා තීන්දු කර තිබු අතර දින ගණනාවක් නිවසට තුළට වැදී සිට ඇත්තේද මෙම ගැටලුව හේතුවෙන් බව තතු දත් ආරංචි මාර්ග සදහන් කරයි.

ව්‍යාපාරිකයන්ගෙන් මුදල් නොමිලේ ලබා ගැනීමට තිබු අවස්ථා පසෙකලා ණය ගැනීම තුළ සජිත් ප්‍රේමදාස ණයකරුවෙකු වී ඇත. නිසි සැලසුමකින් තොරව මෙම ණය ගැනීම් කර ඇත්තේ අත්දැකිම් නොමැති පිරිසක් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට සම්බන්ධ කර ගැනීම හේතුවෙනි.

එසේම සජිත් ණයට ලබා ගත් මුදල් තවත් පිරිසක් කද මළු බැදගෙන ගෙන ගොස් ඇති බවට ද මේ වන විට වාර්තා වේ. නිසි සැලසුමකින් තොර ලාබාල පුද්ගලයෙකුට ජනාධිපති අපේක්ෂකකම දී පක්ෂය ඇනගත්තා සේම ඔහුට විපක්ෂනායකකම දුනහොත් මුළු විපක්ෂයටම අබ සරණ අත්වන බව මන්ත්‍රීවරු මේ වන විට තැන තැන සාකච්ඡා කරමින් සිටියි.

t

o

p