කටුපොල් වගාව තහනම් කිරීමට යයි

November 28, 2019

ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි කටුපොල් වගාව නතර කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සදහන් කරයි.

කටුපොල් වගාව නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බැවින් මින් ඉදිරියට දිස්ත්‍රික්කය තුළ කටුපොල් වගා කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බාධාවක් නොමැති බව මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට දන්වා සිටින ලදී.

t

o

p