නායකත්වය කරු වෙත පවරා පක්ෂය සමගි කරන්න රනිල් ගත් උත්සාහයට සජිත් පයින් ගසයි

November 27, 2019

එක්සත් ජාතික පක්ෂ නායකත්වය බාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසුරිය මහතා වෙත යෝජනා කර ඇත.

පක්ෂය බෙදි වෙන්වෙන්නට නොදි රැක ගන්නට මෙන්ම සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කර ගත හැකි පුද්ගලයා ලෙස පක්ෂ නායකත්වය බාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙම යොජනාව කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම යොජනාව කර ඇත්තේ පක්ෂය සමගි කොට ඉදිරියට යාම සම්බන්දයෙන් කතානායක නිල නිවසේ පැවැති සාකච්ඡාවකදීය.

සජිත් ප්‍රේමදාස මහතා හිතා මතාම මෙම සාකච්ඡාව මග හැර ඇති බව පක්ෂ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු කීවේය.
මේ වන විට කිසිවෙකු හමු නොවී නිවසට වැදි සිටින සජිත් ප්‍රේමදාස වැනි නායකයෙකු සමග ඉදිරියට යන්නේ කෙසේදැයි පක්ෂ සාමාජිකයෝ ප්‍රශ්න කරති.

සජිත් ප්‍රේමදාස මහතා සමග අලුත් පක්ෂයක් පිහිටුවීමට සුදානම් වන පිරිස අතරින් කොටසක්ද මේ වන්විට අපේෂාභංගත්වයට පත්ව ඇත.

කෙසේ වෙතත් හරින් ප්‍රනාන්දු , අජිත් පෙරේරා , තිස්ස අත්තනායක , සුදත් චන්ද්‍රසේකර යන අයගේ රූකඩයක් වී ඇති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී වෙන්ස්ම පක්ෂයක් පිහිටුවනු ඇතැයි වාරතාවේ.

t

o

p