ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී එරට වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42ක් අද (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇත.
ඔවුන් සියලු දෙනාම කාන්තාවන් වූ අතර , ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සඳහන්.
ඔවුන් ඕමානයේ වසර දෙකකට අඩු කාළයක් සේවය කර තිබුණ ද , ඔවුන්ට ඒ සඳහා වැටුප් ගෙවා නොතිබුණි.