කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
අද(26) පස්වරුවේ කථානායකවරයාගේ පෞද්ගලික නිවසේදී මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වෙයි.
විපක්ෂ නායක ධුරය සහ එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය මෙවර ජනාධිපතිවරණය පරාජය වීමට හේතු වූ කරුණු පිළිබදව සොයාබලා ඊට ස්ථිර විසඳුමක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසයි.