නව ආණ්ඩුවේ තනතුරු බෙදා ගැනීමට යාමේදී ගැටළු රැසක් මතුවේ

November 25, 2019

නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර, සංස්ථා සභාපතිකම්, අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු යනාදී ඉහළ තනතුරු බෙදාගැනීමට යාමේදී ගැටළු රැසක් මතුව ඇති බව වාර්තා වේ. 

විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය ඉදිරියේ මූනිච්චාවට තමන්ට තනතුරු අනවශ්‍ය බවක් පැවසුව ද තමන් පක්ෂයට කළ සේවය පිළිබඳ ඇගයීමක් වශයෙන් පක්ෂ නායකයින් තමන් වෙත තනතුරු ලබාදෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවීම තුළ රාජ්‍ය අමාත්‍ය ධුර 40 බෙදාගැනීමේදී අර්බුදයක් මතුව තිබේ. 

මේ අතර සංස්ථා සභාපතිකම් ඇතුළු තනතුරු සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කමිටුවක් පත් කර තිබුණ ද එම කමිටුවට පිටින් පක්ෂ නායකයින් වෙත ඉල්ලීම් ගලාගෙන පැමිණෙමින් ඇති බවත් වාර්තා විය. මෙය ඇතැම් ඉහළ නායකයින්ට කරදරයක් වන මට්ටම දක්වා වර්ධන වී ඇති බව සඳහන්. 

t

o

p