අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම සමත්විය

November 25, 2019

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත්විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ කසුන් රාජිත නියමිත පන්දුවාර 02 දී ලකුණු 15 කට එක් කඩුල්ලක් බිඳ හෙළුවා. ලසිත් මාලිංග සිය පන්දුවාර දෙකේදී ප‍්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 18 ක් පමණයි. ඔහු ද එක් කඩුල්ලක් දවා ගත්හ. 

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ මරාතා ඇරබියන්ස් කණ්ඩායම පන්දුවාර 7 යි පන්දු 2 ක් අවසානයේ කඩුළු 02 කට ලකුණු 89 ක් රැස්කර ගනිමින් සිය ජය වාර්තා කලේය. 

t

o

p