සිංගර් ප්‍රදර්ශනාගාරයක් One Galle Face හිදී විවෘත වෙයි

November 24, 2019

ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ සම්බන්ධ විශිෂ්ටතම අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නවීනතම  ප්‍රදර්ශනාගාරය, One Galle Face සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කෙරිණි.මෙහිදී සුවිශේෂීම කරුණ වනුයේ එම සිංගර් ප්‍රදර්ශනාගාරය One Galle Face හි ඇති එකම විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවිකරු වීමයි.

වර්ග අඩි  6500 ක ඉඩකඩකින් යුක්තව  ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇති මෙම ප්‍රදර්ශනාගාරය පාරිභෝගිකයින් වෙනුවෙන්, ලොව ඉහළම පෙළේ සන්නාම ගණනාවක පුළුල් නිෂ්පාදන මාදිලි ප්‍රමාණයක අත්දැකීමද, විශිෂ්ට සේවයක් සලසමින් පාරිභෝගික අවශ්‍යතා ඉහළින්ම ඉටු කර දෙන සුහද කාර්ය මණ්ඩලයක විශිෂ්ට සේවය  අත්දැකීමද විඳ ගැනීමට මග පාදයි. එකම වහළක් යටදී සියලු අවශ්‍යතා ඉටු කර ගත හැකි නවීනතම ප්‍රදර්ශනාගාරයක් ලෙසින් ස්වකීය වටිනා පාරිභෝගිකයින් හට ඉහළම මට්ටමේ අත්දැකීමක් පිරි නැමීමට සිංගර් ශ්‍රී ලංකා  සමාගම අපේක්ෂා කරයි.

තට්ටු හතකින් සමන්විත One Galle Face සාප්පු සංකීර්ණය, ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර සාප්පු සංකීර්ණය වන අතර දේශීය හා විදේශීය වෙළෙඳ සන්නාම 200 කට අධික ප්‍රමාණයක භාණ්ඩ එහි අන්තර්ගත ය. ආහාර පාන, විනෝදාස්වාදය, විලාසිතාව  හා තාක්ෂණය ඇතුළු තවත් බොහෝ දේ ඇතුළත් නවතම සාප්පු සවාරි අත්දැකීමක් විඳ ගැනීමට එහිදී පාරිභෝගිකයින්ට ඉඩ හසර සැලසේ.

සිය පාරිභෝගිකයින් හා දීර්ඝ කාලීන ගනුදෙනුවක් පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින්, ජංගම දුරකතන යෙදවුමක් මගින් නිත්‍ය පාරිභෝගිකයින් සම්බන්ධ කරගත් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ පළමු සාප්පු සංකීර්ණයද එය වෙයි.

“අනෙක් ප්‍රදර්ශනාගාරවලට වඩා සුවිශේෂී වන අලුතෙන්ම විවෘත කළ මෙම ප්‍රදර්ශනාගාරය, ගෘහ නිර්මාණ සහ අලංකරණය සම්බන්ධ නවීනතම අදහස් හා සංකල්පයන් ඉදිරිපත් කරමින්, සෑම ගෘහ අවශ්‍යතාවක්ම ඉටු කරනවා. එමෙන්ම තමන්ට අවශ්‍ය සෑම භාණ්ඩයක්ම එකම ස්ථානයකින් මිලදී ගැනීමේ පහසුකමත් පාරිභෝගිකයින් හට එමගින් සැලසෙනවා. එහිදී අපගේ භාණ්ඩ පහසු මිලකට ලබා ගැනීමට මෙන්ම, විශේෂ දීමනා වලට අනුව මිලදී ගැනීමටත් හැකියාව පවතින බව පාරිභෝගිකයින් වෙත දැනුම් දීමට සතුටුයි” සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන සඳහන් කරයි.

පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීම පිණිස ඉහළම තාක්ෂණය මුසු කරමින් නිම වුණු, ජාත්‍යන්තර වෙළෙඳ පොළේ පවතින ප්‍රකට සන්නාමවලින් යුත් නවීනතම නිෂ්පාදන මෙම සිංගර් ප්‍රදර්ශනාගාරය වෙතින් ගෙන එයි. Sony 4K OLED Sony, Hitachi, Singer Epic, Skyworth, TCL ආදී රූපවාහිනී මාදිලිද, Dell, Singer, Asus සන්නාමවල ලැප්ටොප්ද, Apple, Samsung හා Huawei ස්මාර්ට් ජංගම දුරකතනද ඇතුළුව නවීනතම මෙන්ම මිලදී ගත යුතුම වන තාක්ෂණික හා විද්‍යුත් උපකරණ පෙළක්ම සිංගර් නවීනතම ප්‍රදර්ශනාගාරය තුළින් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කෙරේ.

ජාත්‍යන්තරව පිළිගත් සන්නාමවලින් සමන්විත මුද්‍රණ යන්ත්‍ර, ප්‍රොජෙක්ටර්, ශබ්දවාහිනී පද්ධති, හෙඩ්ෆෝන් හා අනෙකුත් උපාංග ද ප්‍රදර්ශනාගාරයෙහි පවතී. පාරිභෝගිකයින් හට  පුළුල් තෝරා ගැනීමකට ඉඩකඩ සලසමින් Samsung, Beko, Hitachi, Singer Geo Smart, Whirlpool වැනි පිළිගත් සන්නාමවලින් ශීතකරණ,  Indesit, Samsung, Beko සන්නාමවල රෙදි සේදුම් යන්ත්‍ර මෙන්ම, නවතම ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් යන්ත්‍රද ඇතුළු නවීන ගෘහ උපකරණ ගණනාවක්ම ප්‍රදර්ශනාගාරයෙහි පවතී.

තවද Tefal, Moulinex, Kenwood, Panasonic, Nikai වෙතින් එන සෑම මුළුතැන්ගෙයි හා ගෘහ උපකරණයක්ම පාහේ මෙහිදී මිලදී ගැනීමට හැකියාවක් ලැබේ.  තවද ශ්‍රී ලංකාවෙහි වත්මන් ජීවන අවශ්‍යතා හඳුනා ගනිමින්, නවීනතම නිවාසයන්ට ගැලපෙන පරිදි නිර්මාණය කළ ‘Built in’ ගෑස් උදුන්, මයික්‍රොවේව් අවන්, ශීතකරණ හා ඩිෂ් වොෂර් ආදිය වෙනුවෙන් වෙන් කළ ප්‍රදේශයක් ද  මෙම සිංගර් ප්‍රදර්ශනාගාරයෙහි පවතී.

පාරිභෝගිකයින් වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවයක් සැලසීම වෙනුවෙන් කැප වී සිටින සිංගර් කාර්ය මණ්ඩලය ඔවුන්ගේ නවතම නිෂ්පාදන එකතුව වෙත එන සියලුම පාරිභෝගිකයින් ඉතා සාදරයෙන් පිළිගැනීමටද සැදී පැහැදී සිටියි.

පාරිභෝගිකයින් සතුටට පත්වන භාණ්ඩ මගින් මෙන්ම, මිලදී ගැනීමට පෙර කාර්ය මණ්ඩලය ලබා දෙන පරිපුර්ණ විස්තර මගින්ද වෙනස් ජීවන කලාවකට නිරාවරණය වීමේ හා නවතම ගෘහ සංකල්පයන්ට අනුගත වීමේ මුල්ම අත්දැකීම විඳ ගැනීමට හැකිවන බවට පාරිභෝගිකයින් හට සහතික කෙරේ.

සිංගර් නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයින් හට සිංගර් අලෙවියෙන් පසු සේවාව සමගින් භාණ්ඩ නිවසට ගෙනවිත් දීම, විශේෂ වට්ටම, ක්‍රෙඩිට් කාඩ් දීමනා හා පහසු ගෙවීමේ ක්‍රම ආදී විශේෂ වරප්‍රසාද භුක්ති විඳීමට මෙම සිංගර් ප්‍රදර්ශනාගාරයෙහිදී හැකි වේ.

t

o

p