අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

November 14, 2019

දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිෂන් සභාව අතර  විශේෂ සාකච්ඡාවක් අද (14)  පැවැත්විමට නියමිතව ඇත. 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ ජනාධිපතිවරණයට පෙර දේශපාලන නියෝජිතයින් සමඟ පවත්වන අවසන් සාකච්ඡාව මෙය වන බවයි. 

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වන දිනයේ කටයුතු සම්බන්ධයෙන් හා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට නියෝජිතයින් පත් කිරිම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරයි. 

t

o

p