බස් එකේ වැඩට ආපු හිරු රෙනෝ අද බිලියනපතියෙක්

November 13, 2019

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හොරකම්, මැරකම්, දුෂණ හෙලිකරනා දේශපාලඥයන්ට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව හිරු ආයතනයේ අධිපති රෙනෝ ද සිල්වා විසින් භාරගෙන ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටි. ඒ මාතර ප්‍රදේශයේදී කැදවා තිබු මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා;

“දුමින්ද සිල්වා මෙරටට ප්‍රධාන වශයෙන් කුඩු ගෙන්වන කිහිපදෙනාගෙන් එක්කෙනෙක් බවට විශාල චෝදනාවක් තියෙනවා. ඒක රටේ රහසකුත් නෙමෙයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මේ වන විටත් තමන්ගෙ හිතවත් මිත්‍රයා දුමින්ද සිල්වා තමන් බලයට පත් වුනොත් නිදහස් කරන බවට පොරොන්දුවක් ලබා දීල තිබෙන නිසා යලි වතාවක් තමන්ගෙ කුඩු ව්‍යාපාරය පවා කිසිම බාධාවකින් තොරව එදා කරගෙන ගියා වගේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක මන්ත්‍රීවරයෙක් හැටියට පත් කරගෙන එතුමට කුඩු ව්‍යාපාරය කරගන්න ලයිසන් එකක් රටට දීල තිබුණා. දැන් යලි වතාවක් එහෙම කටයුතු කරන්න තමයි මෙහෙම මඩ ගහන්නෙ” යැයි ප්‍රකාශ කරනා ලදී.

එමෙන්ම පසුගියදා හිරු රුපවාහිනී නාලිකාව තම පුවත් විකාශයක් තුලින් ස්වර්ණවාහිනී ආයතනය සම්බන්දව සිදු වූ බව කියනා ගනුදෙනුවක් පිලිබඳව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට චෝදනා කිරීම සම්බන්යෙන් මාධ්‍යවේදියෙකු යොමු කරනා ලද ප්‍රශ්ණයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර සිටියේය.  

“ඇත්ත වශයෙන්ම ස්වර්ණවාහිනී ආයතනයට මෙම කටයුත්ත කිරීමේදී මුදල් අමාත්‍යංශය කිසිසේත්ම සම්බන්ධ වුනෙත් නෑ, සම්බන්ධ වුනානම් සම්බන්ධ වුනේ මහා බැංකුව පමණයි. මේ අය කියන විදියේ සාකච්චාවක් හෝ මේ කියන විදියේ පුද්ගලයන් සහභාගී වුනේ නෑ. මේ අය කොච්චර මෝඩද කියනවනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පවා මේ සාකච්චාවට හිටියයි කියන එකෙන් පැහැදිලි වෙනව ගෝඨාභය රාජපක්ෂගේ ඒකාධිපති සිහිනයට විරුද්ධව ඉන්න සියලු දෙනාටම පහර ගැසීමේ මඩ කොන්ත්‍රාත්තුව භාරගෙන ඉන්නෙ හිරු ආයතනයේ රෙනෝ සිල්වා.

ඇත්ත වශයෙන්ම රෙනෝ සිල්වා ගැන කියද්දී කියන්න ඕන 1997 වසරේ චන්ද්‍රකා කුමාරතුංග මැතිණිය ඒබිසි මාධ්‍ය ජාලයට තරංග වෙන් කරපු වෙලාවේ එංගලන්තයේ ඩොක්ටලිත් සන්රයිස් හිමිකරුත් රොනී පිරිස් කියන ව්‍යාපාරිකයත් එකතු වෙලා හදපු මාධ්‍ය ආයතනයක්. ඒ ආයතනයට රෙනෝ ද සිල්වා ඇතුලත් වෙන්නෙ පුවත්පතක ගියපු දැන්වීමකට ඇප්ලිකේෂන් එකක් දාල සේවකයෙක් විදියට. බස් එකෙන් ඇවිල්ල එම රැකියාව භාරගත්ත රෙනෝ සිල්වා මහත්මයා දැන් මේ රටේ ඉන්න පොහොසත්ම හතර පස්දෙනාගෙන් එක්කෙනෙක්. අන්න ඒ නිසා කෙටි කලකින් මෙතරම් බිලියනපතියෙක් බවට රෙනෝ සිල්වා පත් වුනේ කොහොමද කියන ඒක වෙනම පරීක්ෂණයක් තියන්න ඕන.

හිරු ආයතනය රජය විසින් ලබා දීපු තරංග භාවිතා කරන්නෙ. තරංගයක් කියන්නෙත් රාජ්‍ය දේපොළක්. රජයේ දේපොළ මේ විදියට වගකීමකින් තොරව උල්ලංගණය කිරීම සම්බන්දයෙන් ඉදිරියේදී පත්වන රජය පරික්ෂා කල යුතු බව” අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.

t

o

p