ජර්මනිය කාන්තා සනීපාරක්ෂක තුවා වලට පනවා තිබූ බදු ඉවත් කරයි

November 9, 2019


කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතම මත පනවා තිබූ බදු ඉවත් කිරීමට ජර්මනිය පියවර ගෙන තිබේ.

ජර්මනිය වයින්, සිගරට් සහ සනීපාරක්ෂක තුවා “සුඛෝපභෝගී භාණ්ඩ” ලෙස සැලකූ අතර ඒ මත ඉහළ බදු පනවා තිබිණි. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මත ඉහළම බදු පනවා ඇති රටක් ලෙස ප්‍රචලිතව තිබූ ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් 28 අතුරින් ඒ මත ඉහළම බදු පනවන 11 වැනි රට සැලකුණි.

කෙසේ නමුත් ජර්මානු පාර්ලිමේන්තුවේ බ්‍රහස්පතින්දා පැවැති ඓතිහාසික ඡන්ද විමසීමෙන් පසුව ඒ සියල්ල වෙනස් වීමට නියමිතව තිබේ.

සම අයිතිවාසිකම් ඉල්ලමින් ජර්මනිය තුළ පසුගිය කාලයේදී උද්ඝෝෂණ රැල්ලක් ක්‍රියාත්මක වුණු අතර ඒවායේ වර්ධනයක් ද දක්නට ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේ සිට සනීපාරක්ෂක නිෂ්පාදන මත පනවා තිබෙන අලෙවි බදු ඉවත් කිරීමට ජර්මානු පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

t

o

p