ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව විකුණා තිබූ ඉඩම නැවත වත්තල මාබෝල නගර සභාවට

November 9, 2019

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව විකුණා තිබූ වත්තල-මාබෝල නගර සභාවට අයත් පර්චස් 79 ක ඉඩමක් රාජ්යර ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය අගෝස්තු 22 වැනිදා ලබාදුන් නියෝගයකට අනුව නැවත පවරාගැනීමට එම නගර සභාව කටයුතු කර තිබේ.

මේ මගින් විශාල වත්කමක් නැවත රජයට හිමිවීම පිළිබඳ රාජ්යැ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ස්තූතිය බස්නාහිර පළාත් සභා නිලධාරීන් වෙත හිමි විය.පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී මෙම ඉඩම නැවත පවරා ගැනීම පිළිබඳ එම නිලධාරීන් වෙත මෙසේ ස්තුතිය පල කරන ලදි.

කෙසේ නමුත් වත්තල-මාබෝල නගර සභාවට පවරා ගත් ඉඩම පර්චස් 79ක් ලෙස දක්වා තිබුණද ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු සොයා බැලීමේදී සම්පූර්ණ ඉඩම අක්කර 9ක් පමණ වන බව රජ්ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය. මෙම අක්කර නමයෙන් අක්කර 3ක් පිළිබඳ නිවැරදි තොරතුරක් කිසිදු ස්ථානයක සඳහන් නොවන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවට අනාවරණය වී ඇති බවද මෙහිදී තහවුරු විය.

මේ අනුව සම්පූර්ණ අක්කර 9 පිළිබඳ වත්තල-මාබෝල නගර සභාව සතු සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබන 11 දිනට පෙර රාජ්යඳ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබා දිය යුතු බවත්, ඉන්පසු දෙසැම්බර් 11 දිනට පෙර මිනින්දෝරු දෙපාර්තමේන්තුව ලවා එම ඉඩම නිවැරදිව මැනීමට ලක් කොට ඒ පිළිබඳ වාර්තාවක් රාජ්යෙ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබා දිය යුතු බවත් මෙහිදී නියෝග කරන ලදි.

දැනට වගුරු බිමක් ලෙස නම් කොට තිබුණද මෙම ඉඩම වගුරු බිමක් නොවන බවත් ඉඩමේ තක්සේරු වටිනාකම වැඩිකර ගැනීම සඳහා එය ගොඩ ඉඩමක් ලෙස නම් කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් රාජ්යක ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශ කරන ලදි.

එසේම ප්ර්දේශය පොදු කටයුතු පිළිබඳ අවශ්යකතාවක් ඇත්නම් ඒ සඳහා මෙම ඉඩම යොදා ගන්නා ලෙසත් එසේ නොමැතිනම් පමණක් නිවැරදි ටෙන්ඩර් පටිපාටිය යටතේ කටයුතුකොට බදුදීමට පියවර ගන්නා ලෙසත් කමිටුව නියෝග කරන ලදි.

වත්තල-මාබෝල නගර සභාව වර්තමාන සභාපතිවරයාගේ කාලසීමාවත් ඇතුළුව දිගින් දිගටම නිසි ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඉඩම් බදු දීම නිසා දැවැන්ත මුදල් ප්රමමාණයක් රජයට අහිමි වීම පිළිබඳ රාජ්යර ගිණුම් පිළිබඳ කාරක සභාව මෙහිදී දැඩි අප්ර සාදය මෙහිදී පළ කළේය.

වර්තමාන ඉඩම් බදු දීම පිළිබඳ තොරතුරු විමසීමට කාරක සභාව වෙත නගර සභාවේ සභාපතිවරයා කැඳවා තිබුණද රෝහල්ගත වූ බව දක්වමින් ඔහු නොපැමිණීම පිළිබඳව ද කමිටුව මෙහිදී දැඩි අප්ර සාදය පල කරන ලදි.

එසේම රාජ්යො ගිනුම් පිළිබඳ කාරක සභාව හරහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ඉල්ලීමක් කොට විශ්රා්මික විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් නැවත කමිටුවක් පත්කොට නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අක්ර මිකතා ඇති ආකාරයෙන් වත්තල-මාබෝල නගර සභාව ඉඩම් බදු දීම පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් , තවත් කමිටු තුනක් පත්කොට බස්නාහිර පළාත් සභාවට අයත් දිස්ත්රි ක්ක 03ම සමස්ත පළාත් පාලන ආයතන වලම ඉඩම් බදු දීම්, විකිණීම් ආදිය පිළිබඳ සිදුව ඇති අක්ර මිකතා පිළිබඳව සොයා බලා මාස 2ක් ඇතුළත වාර්තාවක් රාජ්යී ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබා දීමටත් අද නියෝග කරන ලදි.

t

o

p