බම්බලපිටිය හින්දු විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

November 9, 2019

බම්බලපිටිය හින්දු විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී, 2018 වසරේ දී එම විද්‍යාලයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා තේරී පත් වූ ශිෂ්‍යයන්, විදුහලේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අංශයන්හි දක්ෂතා දැක්වූ ශිෂ්‍යයන් සහ අවම නිවාඩු ලබාගත් විද්‍යාලයේ ගුරුභවතුන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම ද වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

විදුහල්පති ටි.පී. පරමේෂ්වරන් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පාසල් සඟරාව හා සමරු තිළිණයක් මෙහිදී ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී.සිවඥානසෝති මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන්, විද්‍යාලයේ ගුරුභවතුන්, පාසල් සිසුදරුවන්, ආදී ශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

t

o

p