ලොට් පෝලිෂ් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි

November 8, 2019

ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ඇරැඹූ ලොට් පෝලිෂ් ගුවන් සේවයේ ප්‍රථම සෘජු ගුවන් ගමන පසුගිය දා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟාවිය.

වෝර්සෝ සිට ගමන් ඇරැඹූ ලොට් පෝලිෂ් ගුවන් සේවයේ පළමු ගුවන් යානයෙන් සම්භාවනීය අමුත්තන්, නිවාඩු සැලසුම් කරන්නන්, මාධ්‍යවේදීන් සහ පෝලන්ත වෙළෙඳ නියෝජිතයන් රැසක් ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

ලොට් පෝලිෂ් ගුවන් සේවයේ දේශීය විකුණුම් නියෝජිතයා ලෙස හේලීස් ඒවියේෂන් සමාගම සහයෝගීත්වයෙන් කටයුතු කරන අතර, ගුවන් සේවය 2020 මාර්තු දක්වා සතියකට ගුවන් ගමන් වාර තුනක් සිදු කිරීමට නියමිතය.

ලොට් පෝලිෂ් තම ගුවන් සේවය සඳහා බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් වැනි පුළුල් බඳ සහිත ගුවන් යානා භාවිතයට ගනු ලබයි.

තම නවීනතම ගුවන් යානා භාවිත කරමින් 2018 වර්ෂයේ දී බිලියනයකට අධික මගීන් පිරිසකට තම ගුවන් සේවය සපයා ඇති අතර, 2019 වසර අවසන් වන විට බිලියන 10ක ඉලක්කයක් සපුරාලීමට ලොට් පෝලිෂ් බලාපොරොත්තු වෙයි.

t

o

p