වතු රෝහල් ඇතුලු වතුකරයේ පිහිටි සෞඛ්‍ය ආයතන 450 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීම සඳහා වන අනු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය සහ මානව සුභසාධනය , සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත භාරදීම සිදු විය.
මේ අනුව මෙම වාර්තාව කඩිනම්න් පාර්ලිමේන්තුවටත් විශය බාර අමාත්‍යවරයාටත් ඉදිරිපත් කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කළ අතර පසුව අදියර කිහිපයක් යටතේ මෙම වතු රෝහල් සහ සෞඛ්‍ය ආයතන 450 රජයට පවරා ගැනීමට කටයුතු කෙරෙනු ඇතැයි සඳහන් කෙරුණි.
මෙතෙක් වතුකර ජනතාව සඳහා රජයේ සෞඛ්‍ය අයිතිය නොලැබුණු අතර ඔවුන් සඳහා සෞඛ්‍ය පහසුකම් සපයා තිබුනේ වතු පාලකයන් විසින් පළාත් සභා සමග එක්ව පවත්වාගෙන ගිය වතු රෝහල් සහ සෞඛ්‍ය ආයතන හරහායි. මේවා සඳහා රජයේ වෛද්‍ය වරුන්ගේ සේවය නොලැබුණ අතර වතු සෞඛ්‍ය සහකාරවරුන් පමණක් මේවායේ සේවය සඳහා යොදවා තිබුණි.
මීට වසර කිහිපයකට පෙර එනම් 2006 වසරේ වතු සෞඛ්‍ය ආයතන 44 ක් රජයට පවරා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් නිකුත්කොට තිබූ අතර ඒ හේතුවෙන් වතු සෞඛ්‍ය සහකාරවරු සේවය සඳහා බඳවා ගැනීම නවතා තිබුණි. මේ හේතුවෙන් මේ වන විට වතු රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා සේවයට අවශ්‍ය නිළධාරීන්ගේ හිගයක් පැවතුණි. එබැවින් වතු රෝහල් රජයේ සෞඛ්‍ය අංශය වෙත පවරාගෙන වතු ජනතාවට රජයේ සෞඛ්‍ය අයිතිය ලබාගැනීම සොයා බැලීමට පසුගියදා කැබිනට් පත්‍රිකාවක් නිකුත්කොට අනු කමිටුවක් පත්කොට තිබුණි.
එබැවින් සෞඛ්‍ය සහ මානව සුභසාධනය , සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මෙසේ පවරා ගැනීම යෝග්‍ය බව තහවුරැ කෙරෙන අවසන් කමිටු වාර්තාව ලබාදීම සිදු කෙරුණි.
සෞඛ්‍ය සහ මානව සුභසාධනය , සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනත්‍රී ගරු මයිල්වානගම් තිලකරාජා මහතාගේ සභාපතිත්වයෙන් , පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලානන්ද මහතාගේ සහභාගීත්වයෙන් රැස්වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන් රැසක් මේ සඳහා සහභාගී විය.
.