ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින්ගේ නම් ඉදිරියේදී දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා විසින් ගැසට් කිරීම සදහා යොමු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කළේය.
කොට්ඨාශ ජයග්‍රහණය කළ සභිකයින් දාහත්දෙනාගේ නම් දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී විසින් නම් කරන අතර ලැයිස්තුවෙන් තෝරා ගන්නා සභිකයින්ගේ නම් පක්ෂ ලේකම්වරුන් විසින් දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී වෙත එවිය යුතු ය.
පක්ෂ ලේකම්වරුන් විසින් එවනු ලබන නම් ලැයිස්තුව ලැබීමෙන් අනතුරුවයි ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා යොමු කරනු ලබන්නේ.
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මංගල සභාවාරය පවත්වන දිනය පළාත් පාලන කොමසාරිස්වරයා විසින් දැනුම් දෙනු ඇති. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත් කිරීම බහුතර සභිකයන් සංඛාවක් හිමි පක්ෂයේ ලේකම්වරයා විසින් නම් කල යුතු වනවා.