සුනඛයන්ට දාන වේලක් දෙමු !

October 9, 2019

අසරණ සුනඛයන් හට ආහාර පාන ඖෂධ සහ වාසස්ථාන සැපයීම උතුම් පිංකමක් සේම අති ප්‍රබල ගුප්ත දෝෂ නිවාරණ කටයුත්තක් ද වන බව ගුප්ත ශාස්ත්‍ර විශාරදයකු වන වැල්ලම්පිටියේ ජෝතිෂ්‍යවේදී අමරසේන වේරගිරිය මහතා කියයි.

ගුප්ත කටයුතු සම්බන්ධයෙන් කීර්ති නාමයකට හිමිකම් කියන ඒ මහතා එම ක්ෂේත්‍රයේ වසර හැටක අත්දැකීම් සහිත ජෝතිෂ්‍ය පඬි වරයෙකි.


ඔහු පවසන අන්දමට එලෙස සුනඛයන්ට ආහාරපාන ඖෂධ සහ නවාතැන් සැපයීම සෙනසුරු දොස් සහ තම නිවාස දේපල ආදියට එල්ල වන බහිරව බලපෑම් දුරු කරදීමට මංපෙතකි. එමෙන්ම එමගින් තමන්ට අහිමි වූ කීර්ති නාමය ද යළි හිමි කරගත හැක.

ශ්‍රී ලංකාවේ විශ්වාසයක් නොමැති වුවද ග්‍රහ අපල නැති කර ගැනීමටත් විවිධ දෙවිවරුන් ගේ ආකර්ශනය දිනා ගැනීමටත් ඉන්දීය ජන සමාජයේ සංස්කෘතියක් පවතින බවද ඔහු වැඩි දුරටත් කියයි. විශේෂයෙන් තමන්ට අහිමි වූ හොඳ නම යළි ලබා ගැනීමට ද එය ඉවහල් වන බව ඔහුගේ මතයයි.

ඒ සම්බන්දයෙන් උනන්දුවක් පල කරන ඔබ වෙත සිය වෘත්තිය සහ ජීවිතයේ බොහෝ දේ කැප කොට සුනඛ සුබ සාධනය වෙනුවෙන්ම කැප වූ ප්‍රවීණ ජන මාධ්‍යවේදියකු අසරණ සුනඛයන් උදෙසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රදේශයේ පවත්වාගෙන යන සුනඛ සුබසාධනාගාරයක් ගැන අපි තොරතුරු රැගෙන එන්නෙමු.

ආදි ආනන්දීයකු වන ඔහු දිනමිණ කර්තෘ මාණ්ඩලිකයකු, හිරු ගුවන් විදුලියේ ප්‍රවෘත්ති සංස්කාරක වරයකු, රන් එෆ් එම් ගුවන් විදුලි සේවයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයකු සහ සියත ටී වී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කලක් සේවය කළ උදය ව්ජේසිංහය. මේ වන විට එම සියලූ කටයුතු වලින් බැහැරව හිඳින ඔහු තම මුළු කාලයම අසරණ සුනඛයන් වෙනුවෙන් කැප කොට හිදියි.

මේවන විට ඔහුගේ අනාථාගාරය අසරණ සුනඛයන් සීයකට ආසන්න ප්‍රමාණයකට නිවහන සපයන අතර ඔවුන් ගේ ආහාර, බෙහෙත් සහ එම සුනඛයන් වෙනුවෙන් මාසිකව විශාල මුදලක් වැයකිරීමට උදයට සිදුවේ. එබැවින් එම පුනරුත්ථාපනාගාරයේ සුනඛයන් සදහා දාන වේලක් සැපයීමට ඔබටත් හැකිනම් 0770499811 අංකයෙන් මේ පිළිබද සියලූ විස්තර දැන ගත හැක. 

තිලක් සේනාසිංහ  

t

o

p