ජනතා ප්‍රශ්න විසඳන විප්ලවීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා

October 3, 2019

ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ධනපති කණ්ඩායම්වලට නොහැකි බවත් ඒ් සඳහා සටන්කාමී නායකත්වයක් සහ විප්ලවීය වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ පවසයි. ඒම පක්ෂයේ තුන්වැනි ජාතික මහා සමුළුව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දියත් කර තිබූ අතර කොළඹ, කොටුව, දුම්රියපොළ ඉදිරිපිට පැවැති අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනට ඒක් වෙමින් ඔහු මේ බව පැවසීය.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කොට තිබෙන අවස්ථාවේ ජනතාවගේ සැබෑ ගැටලු යටපත් කරමින් දේශපාලන පක්ෂ තුළ හා අපේක්ෂකයන් අතර ගැටුම් කරලියට පැමිණ ඇති බවත් පැවසූ පුබුදු ජයගොඩ ඒ් වෙනුවට ජනතාවගේ සැබෑ සටන් පාඨ පෙරට ගැනීමටත් ඒ් වෙනුවෙන් සටන් කිරීමටත් නායකත්වය දීමටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කැප වන බවද ප්‍රකාශ කර සිටියේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වැනි ජාතික මහා සමුළුව ලබන 13 වැනිදා කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

t

o

p