තද වැසි අඩු වෙයි

September 25, 2019

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට (26) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ද, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ඊයේ (24) පෙරවරු 8.30 සිට අද (25) පෙරවරු 6.30 දක්වා කාලය තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතන ගාල්ල දිස්ත්‍රික්කයේ හියාරේ ප්‍රදේශයෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

එය මිලිමීටර් 106.0ක අගයක් බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

t

o

p