එ.ජා.පෙ තවත් සකච්ඡාවක්

September 23, 2019

ජනාධිපතිවරණ ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන මෙන්ම ද්‍රවිඩ ජාතික සංධානයේ ද සහාය ගන්නා ආකාරය පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ (22) පෙරවරුවේ සාකච්ඡා පැවැත්විනි.


කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ නායක දෙපළගේ සාකච්ඡාවේදී 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරිම ගැන අවධානය යොමු කෙරිනි.


එක්සත් ජාතික පාක්ෂිකයන් නොවන පිරිසගේ ජන්දය ජනාධිපතිවරණයේදී ගන්නා ආකාරය ගැනත් විධායක ජනාධිපතිධූරය සම්බන්ධයෙනුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර අදහස් හුවමාරු විනැයි දැනගන්නට ලැබේ.

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර ඊළග සාකච්ඡාව අද (23) පැවැත්වේ.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග කළ සාකච්ඡා සම්බන්දයෙන් ලංකාදීපයට විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන අදහස් හුවමාරු කරගත් බවය.

t

o

p