සාමනේර භික්‍ෂූන්ට පහරදීම යුනිසෙෆ් හෙළා දකී

September 22, 2019

වැරැද්දක් කරණලද යැයි කියමින් මෑතකදී දඩුවමක් ලෙස සිදු කළ අමානුෂික පහරදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල තම කම්පනය හා කණගාටුව ප්‍රකශ කර සිටි. සමස්තයක් ලෙස සමාජය මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව හෙළා දැකීම අගය කරන බව ද එම සංවිධානය පවසයි.  

යුනිසෙෆ් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ.   “කනගාටුවට කරුණ නම් මෙය හුදෙකලා සිදුවීමක් නොවීමයි.   

දරිද්‍රතාවයෙන් පෙළෙන හො ආයතනික රැකවරණය යටතේ සිටින හො ආබාධිත දරුවන් ඇතුළු ශ්‍රී ලංකාව පුරා දරු දැරියන් බොහො ප්‍රමණයක් දිනපතාම මෙවැනි තත්වයන්ට මුහුණ දෙති.   

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් 2016 දී ශ්‍රී ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක කරන ලද ළමා විනය ක්‍රම පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ සිසුන්ගෙන් 80% කට වැඩි ප්‍රමාණයක් පසුගිය මාසයේ අවම වශයෙන් එක් ආකාරයක හො ශාරීරික දඩුවමක් අත්විඳ ඇති බවයි. 

  මෙය දරුවන්ට අතිශයින්ම හානිකරවනවා පමණක් නොව, ඔවුන්ගේ වර්ධනය වන මොළයට ස්ථීර ලෙස බලපාන බවත්, ඔවුන්ගේ ආත්ම අභිමානය අඩු කරන බවත්, සෞඛ්‍ය සම්පන්නව ඉගෙනීමට හා වර්ධනය වීමට ඇති හැකියාවට බාධා කරන බවත් විද්‍යාත්මකව ඔප්පු වී ඇත.  

සියලූ‍ ආකාරයේ ශාරීරිකව දඩුවම් කිරීම තහනම් කරන නීති සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු කීරීම පිලිබදව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සතුට පල කරයී. 

  මෙහී ප්‍රතිපලයක් ලෙස නව නීතී ඉතා ඉක්මනීන් සම්මත වීම අපගේ බලාපොරොත්තුවයී   කිසිම දරුවෙකු එවැනි හිංසනයකට ලක් නොවිය යුතුය.    සෑම දරුවෙකුටම තම නිවස, පාසල, රැකවරණය ලබන ස්ථානය සහ ප්‍රජාව තුළ ශාරීරික දඩුවම් සහ වෙනත් කුරිරු හා අවමාන සහගත දඩුවම් වලින් ආරක්ෂා වීමට අයිතියක් ඇත.“

t

o

p