ලබන සතියේ පැමිණෙන iOS 13 මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂණ දෝෂයක්

September 14, 2019

ඇපල් සමාගම ලබන සතියේ  IOS 13 මෙහෙයුම් පද්ධතිය නිකුත් කිරීමට සැලසුම් කර ඇත. එහෙත් සයිබර් ආරක්ෂණ පර්යේෂකයෙකු වන Jose Rodriguez විසින් එම මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන රහස්‍යතා දෝෂයක් හදුනාගෙන ඇත. මෙම රහස්‍යතා දෝෂය මඟින් iPhone දුරකථනයක ඇති සියලුම සම්බන්ධතා තොරතුරු වෙත ප්‍රවේශය අගුළු තිරය (lock screen) මගහැර ලබා ගත හැකිය.

මෙය ඔබගේ පෞද්ගලිකත්වය අවදානමට ලක් කරන iOS 13 මෙහෙයුම් පද්ධතියෙහි පවතින ප්‍රධාන ආරක්ෂක දෝෂයක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හදුන්වාදිය හැකි අතර මේ හේතුවෙන් ඉදිරි සතියේදී ඔබගේ iPhone දුරකථනය IOS 13 මෙහෙයුම් පද්ධතිය දක්වා යාවත්කලීන නොකොට ඉන් පසුව පැමිණෙන IOS 13.1 මෙහෙයුම් පද්ධතිය ලබාගන්නා මෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාව දැනුවත් කරමු.

t

o

p