අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 37ක ජයක්

September 7, 2019

ලසිත් මාලිංගගේ ඓතිහාසික පන්දු යැවීම හමුවේ සංචාරක නවසීලන්තය සමඟ  පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 37ක ජයක් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිල නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 125ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 16ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වු ලකුණු ප්‍රමාණය 88 ක් පමණි.

තරගයේ වීරයා වශයෙන් ලසිත් මාලිංග සම්මාන දිනාගත් අතර නවසීලන්ත නායක ටිම් සවුති තරගාවලියේ වීරයා වශයෙන් සම්මාන ලැබීය.

t

o

p