බළපිටිය මැතිවරණ කොට්ඨාසයට අයත් අහුන්ගල්ල පතිරාජගම ආදර්ශ ගම්මානයේ කාලයක් තිස්සේ සිට පවතින අඩුපාඩු හේතුවෙන් එහි තිබෙන පොදු ගොඩනැගිලි සියල්ලම කැලෑවට යටවී විනාශයට පත්වෙමින් තිබේ.
බළපිටිය හිටපු මන්ත්‍රී හා නියෝජ්‍ය කතානායක, අධිනීතිඥ නෝමන් වෛද්‍යරත්න මහතාගේ ඉල්ලීම පරිදි එවකට අග්‍රාමාත්‍යව සිටි ආර් පේමදාස මහතා විසින් 1986 දෙසැම්බර් මස දාහතර වැනි දින පතිරාජගම ආදර්ශ ගම්මානය විවෘත කර තිබේ. මෙම ගම්මානයේ ඉදිකරන ලද ප්‍රජාශාලාව, ජල ටැංකිය, සායන මධ්‍යස්ථානය යන පොදු ගොඩනැගිලි සියල්ලම පාහේ මේ වන විට විනාශ වෙමින් පවතී.
බටහිර කොළඹ ඉනර්වීල් සමාජය මගින් ඉදිකරන ලද ප්‍රජාශාලාව කැලයට යටවෙමින් පවතී. එහි සවිකරන ලද යකඩ දැල් ආදිය හා දොර ජනෙල් දිරා පත් වෙමින් පවතී. කලක් ග්‍රාම නිලධාරි කාර්යාලය මෙහි පවත්වා ගෙන ගොස් තිබේ. එහි වහල දිරා පත් වී තිබෙන අතර විදුලි උපාංග ද විනාශ වී තිබේ. ඇතැම් විදුලි උපාංග පතිරාජගම මත්පැන් හා මත්දව්‍ය වලට ඇබ්බැහි වූවන් විසින් ගලවාගෙන ගොස් තිබෙන බව ගම්වාසීන් ප්‍රකාශ කරයි.
ගම්මානයට පානීය ජල පහසුකම් ලබාදීම සදහා ඉදිකරන ලද විශාල ප්‍රමාණයේ ළිඳ සහ ජල ටැංකිය වසර විස්සක පමණ කාලයක සිට ප්‍රයෝජනයක් නොගැනීමෙන් විනාශයට පත් වෙමින් තිබේ. එය ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් මදුරුවන්ගේ රජ දහන් බවට පත්ව ඇත. සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල අංග සම්පූර්ණ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස තිබුණත් ඇතැම් වෛද්‍යවරුන්ගේ ක්‍රියා කලාපයන් නිසා වසරකට වැඩි කාලයක සිය වසා දමා තිබේ.
මේ වන විට එම සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගන්නා ලද මව්වරුන් කිලෝ මීටර් 04 කට ආසන්න දුරක් ප්‍රතිකාර කටයුතු සදහා පයින් යෑමට සිදු වී තිබේ. මෙම ගම්මානය ආරම්භයේදීම සති පොළක් ආරම්භ කළද එය සාර්ථක නොවීය. ඒ සඳහා ඉදිකරන ලද වෙළෙඳ කුටි ද කාලෑවට යටවෙමින් පවති. පොදු වෙළෙද පොලක අවශ්‍යතාවය සොයා නොබලා එය ගොඩ නැගීම හේතුවෙන් මහජන මුදල් විශාල වශයෙන් අපතේ ගොස් තිබෙන බවද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.
වර්තමාන නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා නව ගම්මාන විවෘත කිරීම අගය කරන බවත්, ඔහුගේ පියා විසින් ආරම්භ කරන ලද මෙම ගම්මානයේ අද පවතින තත්ත්වයන් ගැන සොයා බලා අඩුපාඩු සකස් කර දෙන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටිති. වසර 05 කට ආසන්න කාලයක් නිවාස ඇමතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා සිටියත් ඔහු මේ ගැන සොයා නොබැලූ බවද ගම්වාසීන් ප්‍රකාශ කරයි.
පතිරාජගම ප්‍රදේශයේ සිටින්නේද රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඥාතීන්ය. ඔවුන් වෙනුවෙන් ඉදිකල ගම්මානය වැඩිදියුණු කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ යුතුකමක් බවද ගම්වාසීන් පෙන්වා දෙති. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සජිත් ඕනෑ යනුවෙන් උද්ඝෝෂණයක්ද තම ප්‍රදේශයේ ජනතාවගේද සහභාගිත්වයෙන් බළපිටියේ පවත්වන ලද බවත් බළපිටිය ප්‍රාදේශීය සභාවට එජාපයෙන් පත්කරන ලද එකම මන්ත්‍රීවරයා පතිරාජගම නියෝජනය කලත් පතිරාජගමට කුඩම්මාගේ සැලකිල්ල ලැබෙන බවත් ගම්වාසීන් ප්‍රකාශ කරයි. සජිත් ප්‍රේමදාස මහතා දැනුවත්කර පතිරාජගම අඩුපාඩු සකස් කර දෙන ලෙස පතිරාජගම එජාපයේ මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවද පතිරාජගම වාසීන් ප්‍රකාශ කරයි.
පතිරාජගම ගම්මානයේම පදිංචි බළපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන එකම එජාප මන්ත්‍රීවරයා වන ඇම් ඩබ්ලිව් සෙනරත් (55) මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.
මෙහි තිබෙන සායන ගොඩනැගිල්ල දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අයිති එකක්. එහි අඩුපාඩු තිබෙන බව කිව්වම වැසිකිළි, ජල පහසුකම් ආදිය සකස් කර දුන්නා. මගේ පෞද්ගලික වියදමින් පවිත්රකර දුන්නා. ආර්ථික අමාත්‍යංශයෙන් ලැබුණු රුපියල් ලක්ෂ පහක වියදමින් ගැබිණි මව් වරුන්ට ඉන්න ශාලාවක් හදල දෙන්න කටයුතු කරමින් සිටිනවා. අපි ඉල්ලන්නෙත් ඉක්මනින් සායන කටයුතු ආරම්භ කරන ලෙසයි. ප්‍රජා ශාලාව ඉදිරියේ දී අලුත්වැඩියා කර පන්සලට පූජා කරන්නයි බලාපොරොත්තුව.
ජල ටැංකියට යෙදූ මෝටරය මන්ත්‍රීවරයකුගේ උපදෙස් පරිදි අලුත්වැඩියාවට මාතර අරගෙන ගියත් අද වනතුරු වෙච්ච දෙයක් දන්නේ නැහැ. ඒ නිසා ටැංකියයි ගොඩනැගිල්ලයි දිරාපත් වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයට කියන්න කියල මටත් ප්‍රදේශවාසීන් බලපෑම් කරනවා. ප්‍රජා ජල ව්‍යාපෘතියක් සකස් කර දෙන ලෙස ඉල්ලා තිබෙනවා. සති පොළ භූමියේ ළමා උද්‍යානයක් ආරම්භ කරන ලෙස ඉල්ලා ඇති බවත් කීය. අපේ ආණ්ඩුවට වසර 05 ක් පිරෙන්නත් ලගයි. කරපු ඉල්ලීම් වලින් එකක දෙකක වත් ඉදිකිරීම් ආරම්භ කරන්න බලාපොරෝත්තු වෙනවා.
ගීමුණි උපාලි ද සිල්වා මහතා. (63)
මම බළපිටිය ප්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුණෙන් තරග කළේ පතිරාජගමත් අයත්වන බෝගහපිටිය කොට්ඨාශයෙන්. බළපිටියේ මම විතරයි පැරදුණේ. පතිරාජගම, බෝගහපිටිය කොට්ඨාශයෙන් ජයගත්තේ එජාප අපේක්ෂකයා. රණසිංහ ප්‍රේමදාස මහත්තයගේ ඥාතීන් විශාල වශයෙන් පතිරාජගම ජීවත් වෙනවා. ඒ නිසයි පතිරාජගම උදා ගම්මානයක් වුණේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් තිබෙද්දීම පතිරාජගම විනාශ වෙලා යන එක දෛවයේ සරදමක් වගෙයි. සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමතිවරයා කියන එකත් අපි අමතක කරන්න හොද නැහැ.
අද පතිරාජගම කොට්ඨාශය ජයගත් අයත් සජිත් ප්‍රේමදාස මහත්තයලගේ ඥාතීන්. එහෙමත් තිබෙද්දී මේ පොදු දේපල විනාශ වී යෑම පුදුම සහගතයි. පියගම ප්‍රදේශයේත් පොදු දේපල විනාශ වෙලා යනවා. මහින්ද මහත්තයා පරදින්න කලින් මේවට මෙහෙම වුණේ නැහැ. ඉදිරි අපේ ආණ්ඩුවක් යටතේ පතිරාජගම යලි නලා සිටුවන්න කටයුතු කරනවා.