දීඝවාපි චෛත්‍ය ප්‍රතිනිර්මාණ කටයුතු ඇරඹෙයි

September 1, 2019

බුදුන් වහන්සේගේ නිය ධාතුව තැන්පත්කල ඵෙතිහාසික දීඝවාපිය විහාරස්ථානයේ අභිනව චෛත්‍ය ප්‍රතිනිර්මාණ කටයුතු නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

1980 දශකයේ මෙහි වැඩ ආරම්භ කර තිබුණත් නොයෙකුත් අගහිඟතා මෙන්ම විවිධ හේතූන් මත එම වැඩ අතරමග නතර වී තිබුණ අතර එයට නවජීවයක් ලබාදීම සඳහා මෙම ප්‍රතිසංවර්ධන කටයුතු මෙදින ආරම්භ කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කීය.

මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා රුපියල් ලක්ෂ 8525ක මූල්‍ය ප්‍රතිපාදන මෙම ව්‍යාපෘතියට ලබාදෙනු ඇත.

t

o

p