හංගේරියාව සමඟ ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමට අනුමැතිය

August 29, 2019

ඉන්දුනීසියාවේ බාලිහිදී පැවති ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුති සාකච්ඡා සමුළුව අතරතුරදී ශ්‍රී ලංකාව සහ හංගේරියානු රජය අතර ගුවන්සේවා සැලසුම පිළිබඳව රාජ්‍යයන් දෙකෙහි ගගනනාවුක බලධාරීන් අතර සාකච්ඡා පවත්වා සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් ගිවිසුමට දෙරටේ නිලධාරින් විසින් එකඟතාවයකට එළඹ ඇත.

ශ්‍රී ලංකාව සහ හංගේරියානු රජය අතර කෙටිසන් තබන ලද එම ගුවන් සේවා ගිවිසුම ශ්‍රී ලංකා රජයේ බලයලත් නියෝජිතයෙකු විසින් අත්සන් තැබීමට සහ අනතුරුව ගිවිසුම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සුදුසු පියවර ගැනීම පිණිස, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

t

o

p