ඔක්තෝබර් 14 තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවයි

August 29, 2019

ඔක්තෝබර් 14 වැනිදා දක්වා පාර්ලිමේන්තුව අත්හිටුවනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නිවේදනය කළේය. 

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සති කිහිපයක් තිබියදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය මෙම පියවර ගෙන තිබෙන අතර පාර්ලිමේන්තුව අත්හිටුවන්නැයි දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් ඉල්ලීමක් කරන්නට යන බව ද බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබිණි. 

මෙම පුවතත් සමඟ බ්‍රිතාන්‍ය පවුම පහත වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගය කුමන්ත්‍රණයක් යැයි ද යුද ප්‍රකාශ කිරීමක් යැයි ද විපක්ෂය චෝදනා කර ඇත. 

t

o

p