නවසීලන්තය දෙවන ටෙස්ට් තරගය ජය ගනියි

August 27, 2019

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

දෙවැනි ටෙස්ට් තරගයේදී පරාජයෙන් ගැලවීම සඳහා ඕවර 91 ක් තුළ කඩුලු රැකගැනීම  හෝ ලකුණු 187 කට වැඩියෙන් ලබාගැනීම කළ යුතුව තිබිණ.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 244ට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේ දී කඩුළු 6ක් දැවී ලකුණු 431ක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 112කට සීමා වීමත් සමග ඉනිමක සහ ලකුණු 65ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1 ට 1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

විශිෂ්ට ශතකයකින් නවසීලන්තයේ ජය මාවත විවර කර දුන් ටොම් ලෙතම් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

t

o

p