තන්තිරිමලේ ජලාශ ව්‍යාපෘතියට මුල්ගල

August 26, 2019

පහළ මල්වතු ඔය හරස් කොට ඉදිකරන තන්තිරිමලේ ජලාශ ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තන්තිරිමලේ, පහළ මල්වතු ඔය, බෝගොඩහිදී පැවැත්විණි.

මෙම අවස්ථාවට උතුරු නැගෙනහිර සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන හිමිපාණන්, සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ විජිත හිමිපාණන්, අටමස්ථානාධිපති, උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයත්, අනෙකුත් ආගමික නායකයින් හා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, කෘෂිකර්මා, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු යුද හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

t

o

p