අදත් ගිගුරුම් සහිත වැසි

August 25, 2019

බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උතුරු පළාතෙත් බදුල්ල සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද, බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

t

o

p