පොලී අනුපාත වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කරයි

August 25, 2019

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආයෝජනය වැඩි කර රටේ ආර්ථික වර්ධනය දිරිගැන්වීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාත වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මේ තීරණය ගෙන තිබේ. මහ බැංකුව ගනු ලැබූ මේ තීරණය නිසා ඉදිරියේ දී වැඩි වැඩියෙන් ණය මුදල් ලබා ගනිමින් නව ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහිවීමට මඟ පෑදෙනු ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය. කොළඹ කොටුව පිහිටි මහ බැංකු මූලස්ථානයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත ලබා දෙන ප්‍රතිපත්ති පොලී අනුපාත දර්ශක අංක පනහකින් සහ මහ බැංකුවේ තැන්පත් පොලී සඳහා අය කරන පොලී දර්ශක අංක පනහකින් ද අඩු කර ඇත. මේ නිසා වැඩි වැඩියෙන් නව ආයෝජන කිරීමට අවශ්‍ය මුදල් බැංකු පද්ධතියට ඉතිරි වේ.

එම මුදල් යොදාගෙන කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා යන අංශවල නව ආයෝජන සිදුකිරීම නිසා රටේ ආර්ථික වර්ධනය ඉහළ යනු ඇතැයි අධිපතිවරයා විශ්වාසය පළ කළේය.

t

o

p