චිනය ෙහාංෙකාං උද්ෙඝා්ෂකයින්ට අනතුරු හගවයි

August 16, 2019

දිගින් දිගටම උද්ඝෝෂණ සිදුවන්නේ නම් එය මැඩ පැවැත්වීම සඳහා තමන්ට හොංකොං හි අදාළ ස්ථානයන්ට ලඟා වීම සඳහා ගතවන්නේ මිනිත්තු 10 ක පමණ කෙටි කාලයක් බව අවවාදාත්මක අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් චීන යුධ හමුදාව පවසා අැත.

චීන යුධ හමුදා සෙබළුන් දහසකට අධික පිරිසක් මේ වන විට ෂෙන්ෂෙන් ප්‍රදේශයට ආසන්න චීනය සහ හොංකොං දේශ සීමාවට ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය. ෂෙන්ෂෙන් හි පිහිටි ක්‍රීඩා පිටියට රැස්වී සිටින දහසකට අධික චීන යුධ හමුදාව ඊයේ දින පෙළපාලියක් ද සංවිධානය කර තිබු අතර සීයකට අධික සන්නද්ධ රථ ද මේ වන විට ස්ථානගත කර ඇත.

හොංකොං බලධාරින් විසින් ගෙන එනු ලැබූ “පිටුවහල් කිරීමේ” නීති කෙටුම්පතක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මිට සති 10 කට පෙර ආරම්භ වූ විරෝධතාවන් දිගින් දිගටම උත්සන්න වීම හේතුවෙන් චීනය මෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිෙබ්.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ චීන යුධ හමුදාව විසින් කැරලි මර්ධන ප්‍රහාරයන් සිදුකිරීමට උපයෝගී කර ගනු ලබන අධි පීඩන ජල ප්‍රහාරක වාහන, හමුදා සෙබළුන් ප්‍රවාහනය කිරීමට උපයෝගී කරගන්නා වාහන ඇතුළු සන්නද්ධ රථ 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට චීන දේශ සීමාව ආසන්නයට ලඟා වී ඇති බවයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ චීන යුධ හමුදාව හොංකොං දේශ සීමාව ආසන්නයේ ස්ථානගත කිරීම සම්බන්ධයෙන් සිය බුද්ධි අංශ වාර්තා කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බවත්ය. එමෙන්ම චීනය විසින් භුමියේ ස්වයං පාලනය සඳහා හොංකොං රාජ්‍යයට ඇති අයිතිය සම්බන්ධයෙන් ගරු කළ යුතු බවටද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.

චීන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨ නායකයෙක් බවත් ඔහුට අවශ්‍ය නම් හොංකොං හි පවතින ගැටලුව ඉක්මනින් විසදා ගැනීමට හැකි බවට තමන් විශ්වාසය පළකරන බවත් මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර අැත.

පසුගිය ජුනි මාසයේ සිට පැවැත්වෙන මෙම විරෝධතාවයන් හේතුවෙන් හොංකොං පොලිසිය විසින් මේ වන විට උද්ඝෝෂකයින් 748 දෙනෙකු සිය භාරයට ගෙන බන්ධනාගාර ගත කර ඇති අතර උද්ඝෝෂකයින් අවස්ථා 76 කදී හොංකොං නගරයේ පිහිටි පොලිස් ස්ථාන වටකොට පහරදී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.

මේ අතර ලබන ඉරිදා යලිත් වරක් හොංකොං නගරයේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකිරීමට සංවිධායකයින් කටයුතු කරමින් සිටින බව වාර්තා ෙව්. පසුගිය දින කිහිපයේදී සිදුකළ උද්ඝෝෂණ හේතුවෙන් හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් කටයුතු දින දෙකක කාලයක් ඇණ හිටීමට ලක්ව අැත.

t

o

p