සහරාන් සමග අවි පුහුණුව ලැබු අයෙක් අම්පාරෙන් අල්ලයි

August 16, 2019

සහරාන් සමඟ අවි පුහුණුව ලැබු සැකකරුවෙකු අම්පාරේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නැමැති කුරුණෑගල එකුණුගොල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයෙක් බව වාර්තා වෙයි.

සැකකරු, ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන්ට පසුව සිටින දෙවැන්නා ලෙස සැළකෙන නවුෆර් මවුලවි නැමැත්තාගේ පුතා බවට හඳුනාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

එසේම මෙම සැකකරු නුවරඑළියේ දී සහරාන් සමඟ අවි පුහුණුව ලබා ඇත.

t

o

p