රන්ජන්ට එරෙහිව දෙවන චෝදනා පත්‍රයත් බාර දෙයි

July 30, 2019

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර බාර දුන්නේය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ එම චෝදනා පත්‍රය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්. ටී .බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙත බාර දෙනු ලැබීය.

චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව රන්ජන් රාමනායක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ ප්‍රශ්නගත ප්‍රකාශය වගඋත්තරකරු විසින් හිතාමතා සිදුකරන ලද්දක් නොවන බවත් ඉන් අධිකරණයට යම් අපහසුවක් වී නම් ඒ සම්බන්ධයෙන් කනගාටුවක් පළ කිරීමට තම සේවාදායකයා සූදානම් බවත්ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලුවොත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත දෙසැම්බර් මස 02 වන දා කැඳවීමට ද නියම කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පිළිබඳව රන්ජන් රාමනායක අමාත්‍යවරයා රූපවාහිනී වැඩසටහනකදී කළ අදහස් පල කිරීමක් තුළින් අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නිකුත් කළ නොතිසියකට අනුව එම නඩු කටයුත්ත ආරම්භ වී තිබේ.

t

o

p