සයිටම් සිසුන් 84 ක් ලියාපදිංචි කරන්නැයි වෛද්‍ය සභාවට නියෝග

July 30, 2019

සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ උපාධිධාරීන් 84 දෙනෙකුට වෛද්‍ය වෘත්තියේ නියැලීමට පහසුකම් සලසන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට අද (30) නියෝග කළේය.

එම සිසුන් පිරිස ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නියෝග කර තිබේ.

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලබාගත් සිසුන් තිදෙනෙකු ගොණු කළ පෙත්සම් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව අද දින සිට සති 3 ක කාලයක් තුළ එම සිසුන් ලියාපදිංචි කර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට නියෝග කර ඇත.
 

t

o

p