සහරාන් හෂිම්ගේ බිරිදගේ වැඩිමහල් සොහායුරා පොලිස් අත්අඩංගුවට

July 30, 2019

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ලගම ඥාතියෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහොමදු අබ්දුල් කාදර් නමැති අදාළ සැකකරු කටුපොත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මොහු සහරාන් හෂීම්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා බව වාර්තාවේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහරාන් හෂීම් සමඟ නුවරඑළියේ දී පුහුණුව ලබා ඇති බව ද පොලීසිය පවසයි.
 
සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

t

o

p