ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු යළි දිව්රුම් දෙයි රිෂාඩ් බදියුදීනුත් ඒ අතර

July 29, 2019

සිය අමාත්‍ය ධූරවලින් පසුගිය දා ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ යළි ඔවුන් කලින් සිටි අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන්හ.

ඒ අනුව රවුෆ් හකීම් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, රිෂාඞ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිය කැබිනට් ඇමතිධුරයන් හි දිවුරුම් දෙනු ලැබූහ.

අමීර් අලි සෙයිඞ් මොහොමඩ් සිහාබ්දීන් කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේද, අබ්දුල්ලා මහරුෆ් වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙන ලදි.

මේ අතර බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

t

o

p