සීඅයිඩි අධ්‍යක්ෂකගෙන් නීතිඥවරයෙකුට එරෙහිව පැමිණිල්ලක්

July 29, 2019

මාධ්‍ය හමුවකදී නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් තමන්ට තර්ජනය කළ බවට අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පසුගිය 27 වන දින පැවති මාධ්‍ය හමු කිහිපයක දී දැඩි ලෙස විවේචනයට ලක් කිරීමේදි කළ තර්ජනයක් සම්බන්ධයෙන් මෙලෙස පැමිණිලි කළ ඇත.

එම මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේ ෂාෆි වෛද්‍යවරයා සතු අති විශාල වත්කම් හේතුවෙන් රජය නීතිය ක්‍රියාත්මක නොකරන බවයි.

කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නීතිඥවරයා පවසා සිටියේ, කෝටි 40 ගණනක් 90 ගණනක් තිබු වෛද්‍ය ෂාෆීට යහපාලන රජයම මිලදී ගැනීමට හෝ බැරිකමක් නොමැති බවයි.

එනිසා නීතිය ක්‍රියාත්මක නොවන බවත් පැවසු නීතිඥවරයා, ශාන් අබේසේකර මහතාට බලය හැමදාම ක්‍රියාත්මක නොවන බවත්, එනිසා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් නීතිය අනුව ගන්න ලෙසද පැවසීය.

t

o

p